Tuesday, May 5, 2015

“අම්මා”


මන් අද ලියන්නේ ලෝකෙ ආදරනීයම වචනය ගැන… “අම්මා” මේ වචනෙට කලු ගල් වගේ තියෙන හදවතුත් සන්වේදියි වෙන එක රහසක් නෙවේනෙ… මන් අම්මා ගැන ලියන්න හිතුවේ මන් අදුරන ගෑනු ලමයෙකුගෙ ක්රියාකලාපය නිසා… 
                මන් පෞද්ගලිකව දන්නවා අම්මා කෙනෙක්ගෙ අගය… මට දැනෙනවා අම්මාව. මොකද මගේ අම්මා ඉන්නේ මගෙන් ගව් ගානක් ඈත රටක… මන් පොඩි කාලෙ ඉදන්ම සන්වේදියි… එක වෙලාවකට මට හිතෙනවා එක මහා වදයක් කියලා… 
         මන් පන්ති යනකොට මගේ යාලුවන්ගේ අම්මලා ලමයින්ට කවල පොවලා පන්ති ඉවරවෙනකන් පැය 5-6 ඉන්නවා… ඉතින් මන් අර උඩින් කිව්ව ගෑනු ලමයගේ අම්මත් ඒ වගේ… ඒත් ඒ ගනු ලමයා කැමති නෑ අම්මා පස්සෙන් ඉන්නවට… ඒ ලමයා එයාගේ යලුවෝ එක්ක තමන්ගේ පන වගේ ඉන්න අම්මට බනිනවා… ඒ වගෙ ලමයි ඉන්න සමාජෙක මන් අම්මගේ අත අල්ලන් පන්ති යන්න පෙරුම් පුරනවා… ඉස්සර මන් ඉස්කොලේ ඇරිලා අම්මා එක්ක යන්න ආවහම මන් මගෙ යාලුවො ඉස්සර කරලා පිටිපස්සට වෙලා අම්මගේ අතෙ එල්ලිලා එක කුඩේ යනවා… සමහර වෙලාවට අම්මාම මට කියනවා යාලුවෝ එක්ක යන්න කියලා… ඒත් මන් යන්නේ නැහැ… අදත් සමහර දවසට අම්මලා එක්ක ලමයි යනකොට මට දුක හිතෙනවා…
අන්න ඒක තමයි මගෙයි අර ගෑනු ලමයගෙයි වෙනස…
         දැන් අම්මාගේ අගය ඇගිල්ලෙන් ඇන ඇන කිව්වත් තේරුම් ගන්නේ නැහැ… ඒක තේරෙන්නේත් අම්මා කෙනෙක් උන දවසකයි… එතකොට සමහරවිට පරක්කු වැඩි වෙවි… අම්මා ලග නැති උනාම අසරන වෙන තරම තේරුම් කරන්න බැහැ…
            ඉතින් අම්මට රිද්දන්න එපා… ආදරය කරන්න… 

Saturday, April 25, 2015

ආදරේ සුන්දරද???

      ලියන්නවත් හිතක් නෑ… ආදරේ ඒ තරමට අපේ ජීවිත වලින් ඈතට ගිහින්… ආදරේ සුන්දරයි කිව්වේ කව්ද?? නෑ ඒක පට්ට පල් බොරුවක්… ආදරේ සුන්දර වෙන්නනම් ආදරේ කරන මිනිස්සු සුන්දර වෙන්න ඔනෙනේ… සැනසිල්ලේ ටිකක් හිතුවොත් තේරෙයි…                

 අපේ පලවෙනි ආදරේ දෙමව්පියො… ඒක හැමොටම පොදු අත්දැකීමක්… ඒත් බහුතරයක් ඒ ආදරේට අවන්ක වෙනවද?? නෑනෙ… එහෙනම් අපේ රටේ මහලු නිවාස බිහි වෙන්නෙත් නෑනෙ… ඉතින් තමන්ගේ දෙමව්පියන්ට ආදරේ කරන්නේ නැති කෙනෙක්ගෙන් කවදාවත් සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා…  දැන් හිතන්න ඔයගේ පෙම්වතා හෝ පෙම්වතිය එයාලගේ පලමු ආදරේට අවන්කද කියලා… මේක 2015 අවුරුද්දට පොඩි අදහසක් පමනයි… 

Tuesday, April 7, 2015

ආදරය

ආදරනීය දෙවෙන්දොරා සන්,,
වසන්තය ආ විගස
සකුරා මල් හා හාද වෙන්න යන්න
එනවද නුබ
ඒනවද නුබ නොවැරදීම...
                   මන් නොරිකො--